Friday, September 14, 2012

Google Android devices මිලියන 500ක්


Google සමාගම කියන විදියට දැනට Android devices මිලියන 500ක් ලෝකේ පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවලු. සෑම දිනකම නව Android devices මිලියන 1.3ක් භාවිතයට ගැනෙනවාලූ. මෙයාලා මෙහෙම කියලා තියෙන්නේ සමාගම ඇතුලෙන් ආපු නිවේදනයක. මේ නිවේදනේ මෙයාලා නිකුත් කරේ අද, එහෙම නැත්තම් සැප්තැම්බර් 12. අලුත් I-phone එක නිකුත් වෙන්න නියමිත දවසත් සැප්තැම්බර් 12ම තමයි.  

දැනට මේ 2012 අවුරුද්දේ මුලු ලෝකෙම Smart phones වලින් 68% ක් Android. පසුගිය අවුරුද්දේ, ඒ කිව්වේ 2011දී Android තිබුනේ 47% ක් විතරයි. මේ Android smart phones වලිනුත් 57% ක් ම Gingerbread (Android 2.3). පහුගිය ඔක්තොබරයේ නිකුත් වුනු Ice Cream Sandwitch දැනට තියෙන්නේ 20.9% ක්. අලුතින්ම Google Nexus 7 සමගින් නිකුත් වූ Jelly Bean තාම 1.2% වගේ මට්ටමක තමයි ඉන්නේ.

Google කියන විදියට අද දවස එයාලට හොඳ දවසක්. Google ලට විතරක් නෙමේ අද iPhone 5 නිකුත් කරන Apple ලටත් හොඳ දවසක් වේවී.

0 comments:

Post a Comment